මුහම්මද් රසුලූල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමා මෙසේ වාර්තා කරයි.
අල්ලාහ් හැර වෙන දෙවියෙකු නැතැයි සහ මුහම්මද් රසුලූල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමා ඔහුගේ දූතයා යැයි ද තහවුරු කරන තුරු හා සලාතය ඉටුකර zසකාතය1 පිරිනමන තුරු (ප්‍රතික්ෂේප කරන්නන් සමග) එදිරිව සටන්-කරන්නැයි2 මා විධානය කොට ඇත්තෙමි.මේවා ඉටුකරන්වූන් ඉස්ලාමීය නීතියට අනූකූලව දඩුවම් ලැබිය යුතු ක්‍රියාවක් නොකරන තුරු ඔවුහු තමන්ගේ ජීවිතය සහ දේපල ආදියට මගේ රැකවරණය ලබතී.ඔවුන් පිළිබද ගණන් හිලව් සර්වබලධාරි අල්ලාහ් වෙත ඇත.
බුහාරි -මුස්ලිම්
________________________________________________
1.දෙවන හදීසයේ 2 වන සටහන බලන්න
2.ඉස්ලාමය මැනවින් අවබෝධ කරගෙන එය තම ජීවිතයේ මාර්ගෝපදේශයෙකු වශයෙන් පිළිගන්න ලෙස සෙසු අයගේ සිත් සතන් තුළ පැළපැදියම් කිරීමට අවශ්‍ය ප්‍රයන්ත දැරීම ගැන මෙහි සදහන් වේ.
"ආගමේ බල කිරීමක් නැතැයි සඳහන් කරයි"
තවත් තැනක අල්ලාහ් මෙසේ පවසයි.ඥානාන්විත තර්කයෙන් හා (අල්ලාහ්ගේ)අනතුරු ඇගවීම් දන්වා අල්ලාගේ මාර්ගයට ජනතාව ඇරයූම් කරන්න.සමහර ජන කොටස්වලට පමණක් එරෙහිව සටන් කරන මෙන් මුස්ලිම්වරුන්ට බලකර ඇත.ඒ කවුරුන්දයන් ඉස්ලාමීය රාජ්‍යට විරුද්ධව කැරලි ගසන්නවුන් හා ඉස්ලාමය සාමකාමීව ප්‍රචාරය කිරීමට හා වයාප්ත කිරීමට බාධා පමුණුවන්නන් සමගය"